බලශක්තිය සුරකිමු රටේ දියුණුවට උරදෙමු
“බලශක්තිය භාවිතා කිරීමෙන් තොරව දිවි
ගෙවීම අද මිනිසාට ඉතා අසීරු ය.” මේ කියමන
සත්‍ය බව අද සමාජය දෙස බැලූ කල්හි අපට
පැහැදිලිව ම පෙනේ. අපගේ දෛනික ජීවිතයේ
අවශ්‍යතා සපුරා ගැනීමට බලශක්තිය
අත්‍යවශ්‍ය සාධකයක් වේ. මේ නිසා රටක්
සංවර්ධනය කිරීමේ දී බලශක්තිය උත්පාදනය
කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ.ශ්‍රී ලංකාව තුළ දැනට බලශක්ති ප්‍රභව බොහෝ ප්‍රමාණයක් පවතී. ආලෝකය, තාපය, විද්‍යුතය ආදී බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දැව, ඛණිජ, තෙල්, ජල විදුලිය ප්‍රයෝජනයට ගැනේ. අනාගතයේදී විකල්ප බලශක්ති ප්‍රභව ලෙස කුඩා විදුලි බලාගාර, සුළං බලාගාර, සූර්ය තාප බලාගාර ආදිය ක්‍රියාත්මක වීමට කටයුතු සම්පාදනය
වී ඇත. තව ද සූර්ය ශක්තිය, සුළඟ ආදී ස්වභාවික බලශක්ති ප්‍රභවයන් ද භාවිතා වේ. මෙම ස්වභාවික බලශක්තිය වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගත් විට කෘත්‍රිම බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට අපට හැකියාව ලැබේ.
අද සමාජයේ නොයෙක් ක්‍රියා හේතුවෙන් බලශක්තිය විනාශයට පත් වෙමින් තිබේ. අනවශ්‍ය ලෙස විදුලි පහන් දැමීම, වරින් වර ඇඳුම් මැදීම, සූත්‍රිකා විදුලි පහන් භාවිතා කිරීම, ශීතකරණය වැඩි වාර ගණනක් විවෘත කිරීම වැනි එදිනෙදා අප සිදු කරනු ලබන ඉතා සුළු ක්‍රියා බලශක්ති විනාශයට හේතුවන බව ඔබ දන්නවා ද? එසේ ම අම්ල වැසි ඇතිවීම, පරිසර දූෂණය, ගෝලීය උණුසුම ඉහළ යාම ආදී ක්‍රියා හේතුවෙන් ද බලශක්තිය සුරක්ෂිත වීම අඩපණ වේ.
මේ නිසා අතිවිශාල මුදලක් වැය කර නිපදවන බලශක්තිය සැලකිය යුතු ප්‍රමාණයක් අපතේ යයි. එසේ ම මේ හේතුවෙන් බලශක්ති සුරක්ෂිතතාව ඇති කර ගැනීම හා පොසිල ඉන්ධන දහනයෙන් පරිසරය දූෂණය වීම වැළැක්වීම අපහසු වේ.
බලශක්තිය ආරක්ෂා කිරීමෙන් අප වියදම් කරන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට ද අපට හැකිවේ. තව ද අප මේ මුහුණ දී තිබෙන අසීරු තත්ත්වයෙන් මිදීමට ද හැකි ය.







0 comments:
Post a Comment